(කොළඹ, ලංකාපුවත්) – ලෝ ප්‍රකට තරු මිය ගිය බවට වන ප්‍රචාර මේවන විට තරමක් ඉහළ යන ප්රවනතාවක් පවතී.
පසුගියදා මේ විදියට මියගිය පුද්ගලයකු බවට පත් කළේ ඉන්දීය සිනමාවේ විශිෂ්තම නළුවකු ලෙසින් පුද ලද ප්‍රවීන නළු දිලිප් කුමාර් ය. දිලීප් කුමාර් සම්බන්ධයෙන් මේ පුවත විශේෂ වෙන්නේ ඔහු මිය ගිය බවට පුවත් කිහිපවරක්ම වාර්තා වීම හේතුවෙනි.
තමන් මියගිය බවට වන පුවත ද සමගින් දිලීප් තම ට්විටර් පිටුවේ සටහනක් තැබුවේ, “මම මාධ්‍යයෙන් ඈත්වී සිටියද හදවත ඔබ ළඟයි. ඔබ සැමගේ ආශීර්වාදයෙන් මා හොඳීන් ජීවත් වෙනවා” යනුවෙනුය.
දිලීප් මරණයට පත් වූ බවට සැලකළ පුවත දුටු සහිරා භානු කම්පනයට පත් වෙලා. දිලීප් කුමාර්ගේ නිවෙසට දුරකථන ඇමතුම් රැසක් ලැබුණු අතර ඒ හැම එකකින්ම විමසුනේ දිලීප් කුමාර් මිය ගිය බව සැබෑවක්ද යන්නය.
දශක හයකට වඩා වැඩි කාලයක් හින්දි සිනමාව වර්ණවත් කළ දිලිප් කුමාර් දැන් ගෙවන්නේ සිය දිවිමඟේ 94 වැනි කඩඉම වේ.
“මගේ සෞඛ්‍ය මේ රාමසාන්වල ගොඩක් හොඳ තත්ත්වයක තියෙනවා. දිනපතා ගන්නා ඖෂධ නිසා මට උපවාස කරන්න නම් නොහැකි වුණා. ඒ වෙනුවෙන් අල්ලාහ් දෙවියන් මට සහ සහිරාට සමාව දෙනු ඇති. ඔබ සැමගේ ආදරයට ස්තූතියි” දිලීප් වැඩිදුරටත් තම ට්විටර් පණිවුඩයේ සටහන් කර ඇත.