කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රි ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළේය.

ගාල්ල ක්‍රීඩාංගනයේ දී තරගය පැවැත්වේ.

පළමු තරගය ජයගෙන තරගාවලියට ජයග්‍රාහී මානසිකත්වයකින් ප්‍රවිශ්ඨවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණවේ. ඊට සුදුසු කණ්ඩායමක් තමන්ට ලැබී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සදහන් කරයි.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්බේ කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 50කි. ඉන් තරග 41ක් ජය ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබේ.

තරග 7ක් සිම්බාබ්වේ ජයගෙන ඇති අතර තරග දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *