එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවල ඔස්සේ සංචාරක කර්මාන්තය දියුණූ කිරීමට චීන රජයේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) – එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවල ඔස්සේ සංචාරක කර්මාන්තය දියුණූ කිරීමට චීන රජයේ  අවධානය යොමු කර තිබෙනවා.

ලොව වටා සංචාරක ව්‍යාපාරය මගින් වසරකට ඩොලර් බිලියන 4,000ක් උපයන බව වාර්තා වේ. මෙම ව්‍යාපාරය ලෝක සාම ව්‍යාපාරයට හේතුවන බව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය ද පෙන්වා දී තිබෙනවා.

සංචාරක ව්‍යාපාරයෙන් ඇති වන බලපෑම කොතරම් බලවත්ද කියනවානම් විසඳාගත නොහැකි සේ පෙනෙන තත්වයන් පවා විසඳාගැනීමට ඉන් හැකි වී තිබෙනවා. විශේෂයෙන්ම බටහිර ලෝකය තුළ මෙම ව්‍යාපාරයනව මඟකට යොමු වුණේ 19 වන සියවසේදී. කාර්මික යුගයේ ආරම්භයත් සමඟම යුරෝපයේ සහ එක්සත් ජනපදයේ මධ්‍යම පංතියේ පුද්ගලයන්ටවැඩි වැඩියෙන් සංචාරයේ නියැලෙන්න තරම් මිල මුදල් සහ කාලය සොයාගන්න පුළුවන් වුණා.

ඊට අමතරව ප්‍රධාන ප්‍රවාහන සේවාවන් වලද විශාලදියුණුවක් ඇති වුණා. ප්‍රවාහණ සේවයට දුම්රිය සහ නැව් එක්වීමත් සමඟම නගරාන්තර හා දේශ දේශාන්තරවල ගමනාගමනය පහසු වුණා. මෙහිප්‍රතිඵලයක් වශයෙනුයි සංචාරකයන්ගේ අවශ්‍යතා පිරිමසාලීමට දුම්රිය පොළවල් අසල හා වරායන් අසල විශාල හෝටල් ඉදි වුණේ.

විසිවන සියවස මැද භාගයේදී නිවාඩු ගත කිරීම සහ සංචාරයේ නියැලීම බටහිර සංස්කෘතියේ සාමාන්‍ය දෙයක් වුණා.එක්දහස් නවසිය හැටගණන්වල මුල් භාගයේදී සෑම වසරකම දේශ දේශාන්තරවල සංචාරය කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 70ක් පමණ වුණා. එක්දහස් නවසියඅනූ ගණන්වල මැද භාගයේදී එම සංඛ්‍යාව මිලියන 500ට වඩා ඉහළ ගියා. අද දින සංචාරක ව්‍යාපාරය රටවල් 125ට වඩා වැඩි සංඛ්‍යාවක ආර්ථිකයසඳහා අත්‍යවශ්‍ය ව්‍යාපාරයක් බවට පත් වෙලා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ප්‍රයෝජන ගැන 2004 එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරකසංවිධානයෙන් නිකුත් කළ පුවත් වාර්තාවක සදහන් වුණේ මේ ආකාරයෙන්.

“කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ සංචාරක ව්‍යාපාර බිහි කිරීමෙන් දිළිදුකමමගහරවා ගත හැකි බවයි”. එම ව්‍යාපාරයන් තුළින් නව රැකියා සහ “පාරිසරික, සංස්කෘතික හා සමාජීය පසුබිම් පිළිබද දැනුවත් කිරීමක්ද සිදුවනවා.”

මේ අතර, රටක විදේශ සංචිතය පහත වැටී ඇති තත්වයක් තුළ විදේශ විනිමය වැඩි කරගැනීමට නම් ඍජු විදේශ ආයෝජන රට තුළට ගෙන්වාගැනීම කෙරේ වැඩි අවධානයක් යොමු විය යුතුයි. විදේශ ආයෝජන ගෙන්වා ගැනීමෙහි ප්‍රධාන අංශයක් බවට අද වන විට සංචාරක ව්‍යාපාරය පත්වීතිබෙනවා.  චීනය හා ඉන්දියාව නැඟී එන ආර්ථිකයන් ලෙස වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන අතර, මේ නිසාම එම රටවල ඉහළ හා මධ්‍යමපන්තියේ ආදායම් වේගයෙන් ඉහළ යමින් පවතිනවා. මේ නිසාම රටේ ජනතාව විදේශ සංචාර සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ඇති තිබෙනවා. වසර 2016 දී චීනයේ සංචාරකයින් ප්‍රමාණය මිලියන 100 පමණ වන බව වාර්තා වී තිබුණේ.

(වාර්තා කිරීම – නිසංසලා රත්නායක – චීන ගුවන් විදුලිය )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *