ආයෝජන පරිසරය දියුණු කිරීමට නීති පද්ධතියේ කඩිනම් වෙනස්කම් කරන බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ආයෝජන පරිසරය දියුණු කිරීම සඳහා මෙරට නීති පද්ධතිය තුළ කඩිනම් වෙනස්කම් සිදුකරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි මාස කිහිපය තුළ පුද්ගලික අංශය සඳහා ආයෝජන ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය.

ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය වර්ධනය කිරීම සඳහා වූ සැලැස්ම එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ඊයේ (03) අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ අපනයනකරුවන්, අපනයනය දියුණු ආර්ථික පරිසරයක් සඳහා කටයුතු කරන විට දේශීය වෙළෙදපළ ආනයන සීමා කරන ආර්ථිකයක් සඳහා කටයුතු කළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *