ඉල්ලීම් ඉටු කිරීමට කටාර් වෙත පැය 48ක්

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබිය ඇතුළු රටවල් ඉදිරිපත් කළ ඉල්ලීම් ඉටු කිරීමට කටාර් රාජ්‍යය වෙත දී තිබූ කාලසීමාව පැය 48කින් දීර්ඝ කර ඇත.

එම කාලය තුළ අදාළ ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත් කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක පැනවීමට සිදුවන බව අදාළ රටවල් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට සහය දෙමින් කලාපය අස්ථාවර කරන බව සෞදි අරාබිය ඇතුළු රටවල් කිහිපයක් චෝදනා කරනු ලබයි.

එම නිසා කටාර් රාජ්‍යය සමග ඇති සියලු රාජ්‍ය තාන්ත්‍රික් සබඳතා බිඳ දැමීමට එම රටවල් පසුගියදා පියවර ගනු ලැබීය. නමුත් කටාර් රාජ්‍ය තමාට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *