උතුරු කොරියාව නව මැදි දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාව නව මැදිදුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇත.

පන්ගියොන් ගුවන් කඳවුරේ සිට එල්ල කරන ලද මෙම මිසයිලය ජපාන මුහුදට පතිත වූ බව බලධාරීන් පවසා තිබේ. එම මිසයිලය කිලෝමීටර 930ක දුරක් ගමන්කළ බව සදහන්වේ.

ජපානයේ විශේෂිත ආර්ථික කලාපය ලෙස නම් කර ඇති මුහුදු සීමාවට මිසයිලය පතිත වූ බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත.

උතුරු කොරියාව කලාපයේ අර්බුදකාරී තත්වයන් වර්ධනය කරමින් සිය මිසයිල අත්හදා බැලීම් ඉහළ නංවා තිබෙන බව වාර්තා වේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාව පිළිබද චීන සහ ජපාන නායකයින් සමග සාකච්ඡා කර දිනක් ඉක්ම යාමටත් පෙර මෙම අත්හදා බැලීම සිදු කර තිබීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *