ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලය මාස හයකින් දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන ලද්දේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ සදහා අනුමැතිය ලබා දී ඇති බවය.

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිත්වය දරන්නේ සනත් ජයසූරිය මහතාය. රුමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරසිංහ, එරික් උපශාන්ත යන මහත්වරුන් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.

ඒ අනුව වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලය දෙසැම්බර් මස 31වනදා දක්වා ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *