ආයෝජකයන්ට හා අපනයනකරුවන්ට වඩාත් හිතකර බදු ප්‍රතිශෝධන ක්‍රියාත්මක කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – අපනයනය පාදක කරගත් ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන බැවින් ආයෝජකයන්ට හා අපනයනකරුවන්ට වඩාත් හිතකර බදු ප්‍රතිශෝධන ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ජපාන වෙළඳ හා කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් ඊයේ (03) අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වූ අවස්ථාවේ දී ඔහු මේ බව කියා සිටියේය.

එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජනහා වෙළඳ කටයුතු වඩාත් පහසුකිරීමේ විධිමත් ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කළහ. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනූර් මහතාගේ මූලිකත්වයෙන් යුත් ජපාන වෙළඳ හා කර්මාන්ත මණ්ඩල නියෝජිතයන් මෙම සාකච්ඡාව සඳහා සහභාගි විය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශ ආයෝජකයන්ට බලපාන බදු ප්‍රතිපත්ති පිළිබඳව ඔවුන් මෙහිදී සිය අදහස් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ.

ආයෝජකයන් විසින් නිෂ්පාදන භාණ්ඩ අපනයනය කිරීමේ දී මිල ගණන් පිළිබඳ පූර්ව ගිවිසුම්ගත වීම් ඇති නිසා, බදු ප්‍රතිපත්තිවල ක්ෂණික වෙනස්කම් සිදුකිරීම හේතුවෙන් භාණ්ඩ අපනයනයේ දී අහිතකර බලපෑම් ඇති වීමට ඉඩ ඇති බව ඔවුන් මෙහිදී පැවසූහ.

එම නිසා බදු සංශෝධන ක්‍රියාත්මක කිරීමට අවම වශයෙන් මාස හයකට පෙර ආයෝජකයින්ට දැනුම් දීමට කටයුතු කරන ලෙස ද ඔවුන් වැඩිදුරටත් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *