මෝදී ඊශ්‍රායලයේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායලයේ සංචාරයක නිරතවීම සදහා ඉන්දියාවෙන් පිටව ගොස් ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු මෙලෙස ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

ඒ අනුව ඊශ්‍රායලයේ සංචාරයක නිරතවන පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන්නේ නරේන්ද්‍ර මෝදි ය.

ඉන්දිය අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රථම ඊශ්‍රායල නිල සංචාරය මෙය වන බැවින් එය ඓතිහාසික අවස්ථාවක් වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය න‍රේන්ද්‍ර මෝදිගේ තුන්දින ඊශ්‍රායල නිල සංචාරයේ දී සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට ද නියමිතය. අවි, ආයුද වෙළෙඳාම පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමුකරනු ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

රේඩාර් පද්ධති, ඩ්‍රෝන යානා මෙන්ම සයිබර් ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් ඉන්දීය මාධ්‍යවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *