UPDATE:මාධ්‍යවේදී මෙල්ව මැරූ ඝාතකයාට මරණ දඬුවම

(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටින විත්තිකරුට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණයේදී අද (05) ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව විත්තිකරු අද වරදකරු කරමින් මරණ දඬුවම නියම කිරීමටයි තීරණය කළේය.

2014 පෙබරවාරි මස 02 හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ල ප්‍රභූතිපුරදී සොරකමකට නිවසට අයුතු ලෙස ඇතුළුවී එම නිවස කොල්ලකා නිවසේ සිටි මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා තුනක් මත දොම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි දුරුලාන්දු ඇන්තනි රම්සන් ජෝර්ජ් නමැති විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

 

මාධ්‍යවේදී මෙල්ව මැරූ නඩුවේ තීන්දුව අද

(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටින විත්තිකරුට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණයේදී අද (05) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

දොම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි දුරුලාන්දු ඇන්තනි රම්සන් ජෝර්ජ් නමැති විත්තිකරුට එරෙහිව අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (05) එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබේ.

විත්තිකරු ඝාතනයට ලක්වූ මෙල් ගුණසේකර මෙනෙවියගේ නිවස පින්තාරු කිරීම සඳහා පැමිණි පින්තාරුකරු වන අතර මෙල් ගුණසේකර මෙනවියගේ මව, පියා හා සහෝදරයා ආගමික වතාවත් සඳහා උදෑසන පල්ලියට ගිය අවස්ථවේ නිවස කොල්ලකෑමේ අදහසින් නිවසට ඇතුළුවූ විත්තිකරු විසින් නිවසේ තිබූ පාන් කපන පිහිවලින් කපා මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කර ඇති බව චෝදනා නඟා ඇත.

2014 පෙබරවාරි මස 02 හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ල ප්‍රභූතිපුරදී සොරකමකට නිවස අයුතු ලෙස ඇතුළුවී එම නිවස කොල්ලකා නිවසේ සිටි කළුබෝවිල දෝන මිලිෂියා ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා තුනක් මත විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *