රණවිරුවන් රැක ගැනීමට රජය සෑම මොහොතකම කටයුතු කරනවා – ඇමති රුවන්

(කොළඹ, ලංකාපුවත්) – රණවිරුවන් රැක ගැනීමට යහපාලන රජය සෑම මොහොතකම කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කරයි.

දේශපාලන වාසි තකා ඇතැමුන් මේ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව අමාත්‍යාවරයා පැවසීය.

අම්පාර දිස්ත්‍රික් රණවිරු සංසදවල නිලධාරීන්ගේ දිස්ත්‍රික් සමුළුව අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රණවිරුවන්ගේ දූ දරුවන් සදහා අධ්‍යාපන උපකරණ හා ශිෂ්‍යත්ව පිරිනැමීම ද මෙහිදී සිදුවිය. ආබාධ සහිත තත්ත්වයට පත්වූ රණවිරුවන් සඳහා ආධාර පිරිනැමීම ද සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *