වියට්නාමයේ හැනෝයි නගරයේ යතුරුපැදි භාවිතය තහනම් කිරීමට සැළසුම්

(කොළඹ, ලංකාපුවත්) – වසර 2030 වන විට වියට්නාමයේ හැනෝයි නගරයේ යතුරුපැදි භාවිතය තහනම් කිරීමට සැළසුම් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

මේ වන විට හැනෝයි නගරයේ මිලියන 05කට ආසන්න පිරිසක් යතුරුපැදි භාවිතා කරන බව සදහන් වේ. එමෙන්ම එය වියට්නාමයේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යක් බවටද පත්ව තිබේ.

කෙසේ නමුත් නගරය තුල පවතින අධික රථවාහන තදබදය සහ වායු දූෂණය අවම කිරීමේ අරමුණින් ‍මෙම පියවර ගන්නා බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත. ඊට පිළියමක් ලෙස හැනෝයි නගරය තුල පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරිමේ ප්‍රතිශතය ඉහළ නැංවීමට කටයුතු කරන බවද වියට්නාම බළධාරීන් සදහන් කර තිබේ.

බොහෝ නගර වැසියන් පවසන්නේ ඔවුන්ට වඩාත් පහසු ප්‍රවාහන මාධ්‍ය යතුරු පැදිය බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *