2017 උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 08 වනදා සිට සැප්තැම්බර් දෙවනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එසේම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,230කදී පැවැත්වේ. මේ සදහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 15,227 දෙනෙකු මෙවර පෙනී සිටින අතර ඉන් දෙලක්ෂ තිස් හත් දහස් නවසිය හතළිස් තුන් දෙනෙකු පාසල් අයදුම්කරුවන් වේ. 77284 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් ය.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20වනදා විභාග මධ්‍යස්ථාන 3,014ක දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවර විභාගය සදහා අයදුම්කරුවන් තුන්ලක්ෂ පනස් හය දහස් හත්සිය විසි අට දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *