ජාන තාක්ෂණයෙන් ලෙඩ සුව කිරීම මෙරටටත්

(කොළඹ, ලංකාපුවත්) – ජාන තාක්ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් සකස්කර ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.

සති දෙකක කාලයක් ඇතුළත වාර්තාව බාර දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන ජාන තාක්ෂයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය මෙරට ක්‍රියාත්මක කිරීමට සෙඛ්‍ය අමාත්‍යවරයා තීරණ්‍ය කර තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ජාවක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පවත්වා ඇත.

මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට ද නියමිතය. මේ පිළිබඳ පුහුණුව ලැබූ වෛද්‍යවරු 11ක් ශ්‍රී ලංකවේ සිටින අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු විදේශ ගතවී සිටි.

ඔවුන් කියා සිටියේ මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට පූර්ණ සහයෝගය ලබාදෙන බවය. මෙහිදී රෝගය ඇතිවීමට බලපාන සෛලවලට සහ වෛරස්වලට ප්‍රතිකාර කිරීම විශේෂත්වයකි. අමෙරිකාවේ බේලර්, රයිස් සහ හුස්ටන් යන විශ්වවිද්‍යාලවලදී වෛද්‍යවරුන්ට පුහුණුවක් ලබාදීමට ද නියමිතය.

මෙම ප්‍රතිකාර ක්‍රමය එම විශ්වවිද්‍යාලවල දැනට භාවිතා කරනු ලබන අතර පිළිකා ඇතුළු රෝග රැසකට ජානා තාක්ෂණයෙන් ප්‍රතිකාර කළ හැකි බව සෞඛ්‍ය අමත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *