යෝධ ලොම් සහිත මැමත් සත්වයෙකුට පණදීමේ ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – යෝධ ලොම් සහිත මැමත් සත්වයෙකුට පණදීමේ ව්‍යාපෘතියට මුදල් යෙදවීමට ලොව ධනවතෙකු බලාපොරොත්තුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම කාර්යට මෙලෙස අතදීමට කටයුතු කරනු ලබන්නේ බිලියනපතියකු මෙන්ම papyal සමාගමේ නිර්මාතෘ වන පීටර් තීල් ය.

ඔහු විසින් ඩොලර් 100,000 ක මුදලක් ග්ලැසියර් ආශ්‍රිතව සොයාගත් මැමත් සිරුරුවලින් වෙන්කරගත් DNA වලින් හයිබ්‍රිඞ් ඇතෙකු නිර්මාණය කෙරන ව්‍යාපෘතිය වෙනුවෙන් දැනටමත් ලබාදී තිබේ.

ආසියානු ඇතින්නකගේ ඩී.එන්.ඒ. හා දැනට සොයාගෙන තිබෙන මැමත් ඞී.එන්.ඒ. කෘත්‍රිම ගර්භාෂයක සංසේචනය කර හයිබ්‍රිඞ් ඇතෙකු මෙලොවට බිහිකිරීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වසරේ 2027වන විට මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම ඉලක්කය වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *