වත්කම් බැරකම් හෙළි නොකළාට සරණ වරද පිළිගනී

(කොළඹ, ලංකාපුවත්) – සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ වත්කම් බැරකම් හෙළි නොකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතා අද (06) වරද පිළිගනු ලැබීය.අල්ලස් කොමිසම ගොනු කළ නඩු දෙකක් මහාධීකරණයේ අද විභාගයට ගත් අවස්ථාවේදී ඔහු මෙම වරද පිළිගෙන තිබුණි.

ඒ අනුව චෝදනාවට අදාළ දඩුවම් නියම කිරීම සදහා නඩුව යළි මේ මස 20වනදා කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කරන ලදි.

එසේම සරණ ගුණවර්ධන මහතාගේ ඇගිලි සළකුණු ලබා ගැනීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසීයට නියෝග ලබා දුන්නේය.

2006 වසරේ සිට 2007 වසර දක්වා කාලයේ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවට අල්ලස් කොමිසම සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *