ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අද පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර ඇත.

සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරඟය දිවා තරගයක් ලෙස ක්‍රියාත්මක වේ.

සූරියවැව ක්‍රීඩාංගණයේ මෙලෙස ජාත්‍යන්තර තරගයක්‌ පැවැත්වෙන්නේ වසර දෙකකට පසුවීම ද විශේෂත්වයකි.

මේ වන විට තරගාවලිය 1ට 1ක් ලෙස සම තත්ත්වයේ කන්ඩායම් දෙකම පසුවේ. පළමු තරගය සිම්බාබ්වේ ජයගත් අතර දෙවන තරගය ජයගත්තේ ශ්‍රී ලංකාවයි. ඒ අනුව අද තරගය දෙපිලටම තීරණාත්මක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *