නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය ඉවත් වන්නේ නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛත්වය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවෙන් කිසි ලෙසකින් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසී ය.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුදු දහමට හිමි නිසි තැන සහ නිකුත් වී ඇති බැව් කියන කෙටුම්පත් වාර්තාවක් සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය සම්බන්ධව නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපතිතුමා හා තමා කිසි ලෙසකින් බුදු දහමට ලබාදී ඇති ප්‍රමුඛතාවය නැති කිරීමට ක්‍රියා නොකරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

අනුකමිටුව වාර්තා හයක් ඉදිරිපත් කර තිබෙනවා. විවිධ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නැතැයි ද අග්‍රාමාත්‍යවරයා කීය.

”අතුරු වාර්තාව මෙහෙයුම් කොමිටියට දානවා. විකල්ප යෝජනා ඇවිත් තියෙනවා. වාර්තාවක් පිට කරලා නෑ. අපි ඔක්කොම එකඟ වී තිබෙනවා, බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය ඉවත් වන්නේ නෑ කියලා. මේ ගැන සංශෝධනයක් ගැන වාර්තාවක් නෑ. මෛත්‍රිපාල සිරිසේන ජනධිපතිතුමා, මම සහ ආණ්ඩුව එකඟ වී තිබෙනවා, බුද්ධාගම ප්‍රමුඛතාවය තියෙනවා කියලා. වාර්තාව සකස් කිරීම ගැන සකච්ඡා කරමින් යනවා. මෙහෙයුම් කමිටුවෙන් වාර්තාවක් ලැබී නෑ. විවිධ යෝජනා ලැබී තිබෙනවා. ” යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *