මෙක්සිකෝවේ දෙපිරිසක් අතර වෙඩි හුවමාරුවක් – 14 ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – මෙක්සිකෝවේ දෙපිරිසක් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් 14ක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

චිහුවාහුවා ප්‍රාන්තයේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර වෙඩි හුවමාරුව සිදු වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

මෙම කණ්ඩායම් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් බවට සැක කෙරේ.

චිහුවාහුවා ප්‍රදේශය එක්සත් ජනපදයේ සිට මෙක්සිකෝව දක්වා ප්‍රධාන මත්ද්‍රව්‍ය සැපයුම් මාර්ගයක්ද වේ.

පැය දෙකක් පුරා වෙඩි හුවමාරුව සිදු වූ බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර බර අවිආයුධ සහ අත්බෝම්බ 03ක් ද සොයා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *