විද්‍යා ඝාතනය වූ හැටි උසාවියේදී හෙළිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතනය සිදුවී ඇත්තේ හිස පිටුපසට සිදුකළ පහරදීමක් හේතුවෙන් මොළය අභ්‍යන්තරයට ලේ ගැලීම ‍නිසාවෙන් හා ගෙල සිරකොට තිබීමෙන් යන කාරණාවන්ගෙන් බව යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විද්‍යා ඝාතන නඩු විභාගය වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පවසා තිබේ.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා ඉදිරියේදී ඊයේ (05) නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වු අවස්ථාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එලෙස පවසා ඇත.

ආරුමුගම් රගුපති පිල්ලේ මහතා ද, 04, 07, 08 සහ 09 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සින්නරාසා කේදීස්වරනුත් මහතා ද, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන්ම රජයේ රජයේ නීතීඥ විග්නරාජා ජයන්තා මහතා ද පෙනී සිටියහ.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13වනදා පාසල් ඇඳුමින් සැරසී පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් ඝාතනය කොට තිබිණ.

ඝාතනය සැළසුම් සහගතව සිදුකොට ඇති බැව් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් සඳහන් කරනු ලැබීය.

නීතිපති දෙපාර්තමේන්තු නියමයන් අනුව ඉතිහාසයේ පළමු වරට යාපනය මහාධිකරණය තුළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු විභාගය කැඳවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *