පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන්ට විධිමත් අධ්‍යාපනයක් දිය යුතු

(කොළඹ, ලංකාපුවත්) – පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන් සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබා දීමේ අවශ‍යතාවය අද (07) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න අවධාරණය කළාය.

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කළා ය.

“පූර්ව ළමා විය සංවර්ධනයේදී දරුවෙකුගේ පදනම සකස් කරන කාර්යාභාරයක් තිබෙනවා. සමාජයට ගැළපෙන පුද්ගලයෙක් බිහි කිරීම පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිදු විය යුතුයි. එය එසේ සිදු වෙනවාද කියලා ඇතැම් ගැටලු තිබෙනවා. පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන හතු පිපෙන්නා වගේ ඇති වෙනවා. ඒවා වාණිජ අරමුණෙන් ඇති වී තිබෙනවාද කියලා අවධානය යොමු විය යුතුයි. පූර්ව ළමා විය මධ්‍යස්ථාන ස්වයං රැකියාවක් බවට පත් වෙලා. හුදෙක් වාණිජ අරමුණු ඉටු කරගැනීමට මධ්‍යස්ථාන පවතිනවා. අධ්‍යාපන මනෝ විද්‍යාව ඇතුළත් පාඨමාලා ගුරුවරු විසින් හැදැරිය යුතුයි. සුදුසු නැති ගොඩනැඟිලිවල ළමා මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. පෙර පාසල්වල සීමා ඉක්මවා ළමයි ඉන්නවා. බොහෝ පෙර පාසල්වල ශාරිරික ක්‍රියාකාරකම්වල ආරක්ෂිත සෙල්ලම් මිදුල් නැහැ. බොහොමයක් පාලිකාවන්ට විධිමත් සුදුසුකම් හා පුහුණුවීම් නෑ. ඔවුන්ගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත නෑ. පෙර පාසල් ගුරුවරුන්ට පිළිගත් දීමනාවක් ලබාදීම වැදගත් වෙනවා.” ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *