ඩෙංගු වසංගතය පිටුදැකීමට සාර්ථක වැඩපිළිවෙළ රැසක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු වසංගතය පිටුදැකීමට සෞඛ්‍ය අංශ සාර්ථක වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කරයි.

ගම්පහ බුත්පිටිය, මහ විදුහල් ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති උත්සවයක දී නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම අදහස් පළ කළේය. ඩෙංගු මර්දන කටයුතු සඳහා පත්කළ ග්‍රාමීය කමිටු නියෝජිතයින්ට පත්වීම් ලිපි ප්‍රදානය සහ හැඳුනුම්පත් ලබා දීම එහිදී සිදුවිය.

වව්නියාව ප්‍රදේශයේ ඩෙංගු අවදානම් ප්‍රදේශ හඳුනාගෙන කැළි කසළ ඉවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. වව්නියාව බන්ධනාගාර රැඳවූවන් සහ බන්ධනාගාර නිලධාරීන් මෙම වැඩසටහනට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *