පේදුරුතුඩුව වෙඩි තැබීමට පොලිස් නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – යාපනය, පේදුරුතුඩුවේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා වැඩ තහනමකට ලක් කර ඇති අතර ඔවුන් අද(10) පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

පේදුරුතුඩුව ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයකට ඊයේ(09) පස්වරුවේ පොලීසිය විසින් වෙඩි තැබිමක් සිදු කර තිබුණි. එහිදී එම ටිපර් රථයේ ගමන් කළ වයස අවුරුදු 25ක් වන නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මියගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *