ලන්ඩනයේ ජනාකීර්ණ ප්‍රදේශයක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩනයේ ජනාකීර්ණ ප්‍රදේශයක ගින්නක් ඇතිව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්ව ඇත්තේ උතුරුදිග ලන්ඩනයේ කැම්ඩන් ලොක් මාකට් නම් ස්ථානයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක අදාළ ගින්න හට ගෙන ඇති බවය.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 10ක් සහ ගිනි නිවන භටයින් 70දෙනෙකු යොදවා ඇතැයි වාර්තා වේ.

ගින්න ඉතා වේගයෙන් පැතිර යමින් තිබූ බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් ගින්නෙන් සිදුවූ ජීවිත හෝ දේපල හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *