සුරූපී නිරූපිකාවගේ මරණයට ඉන්දීය නළුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය සිනමා නළුවෙකු වන වික්‍රම් චැටර්ජි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු ඉන්දීය රුපවාහිනී නිවේදිකාවක් මෙන්ම නිරූපන ශිල්පිනියක් වන Sonika Singh Chauhan ගේ මරණය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය අප්‍රේල් 29වනදා ඔහු විසින් පදවාගෙන යනු ලැබූ මෝටර් රථය අනතුරුට ලක්ව එහි ගමන්කළ Sonika Singh මරණයට පත්වන අතර පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී අනාවරණ වී ඇත්තේ එම අවස්ථාවේ වික්‍රම් චැටර්ජි අධික ලෙස බීමතින් සිට ඇති බවය.

එසේම අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර්රථය පැයට කිලෝමීටර් 100ක වේගයකින් ධාවනය වී ඇති බව සදහන්ය.

නොසැලකිලිමත් රිය පැදවීම මෙම මරණයට හේතු වී ඇත් බවට අනාවරණය වී තිබේ.

එසේම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අදාල අනතුර මොහු විසින් සිතාමතා සිදුකරන ලද්දක් ද යන්න පිළිබඳවද පරීක්ෂණ ආරම්භකර ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *