පේදුරුතුඩුවේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ අඛණ්ඩ පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) – පේදුරුතුඩුව වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන සොයා බැලීම හා විමර්ශන සදහා අවශ්‍ය උපදෙස්දීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා එම ප්‍රදේශයට පිටත් කර තිබේ.

ඒ පොලිස්පතිවරයාගේ නියෝගයකට අනූව ය.

නොනවත්වා ධාවනය වූ වැලි ලොරි රථයකට, පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් 25 හැවිරිදි පුද්ගලයෙකු පසුගියදා පේදුරුතුඩුවේ දී මිය ගියේය.

අදාළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එසේම ඔවුන්ගේ වැඩ තහනම් කර ඇත.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ සහ කන්කසන්තුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් දෙකක් මේ සම්බන්ධ පරීක්ෂණ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *