ශ්‍රී ලංකා පිලේ 2019 ලෝක කුසලානය ගමනට අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පස්‌වැනි එක්‌දින තරගයෙන් සිම්බාබ්වේ හමුවේ කඩුලු 03 ක පරාජයක්‌ ලමබින් 3-2 ක තරගාවලි පරාජයක් ලද ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව නොලැබී යාමේ අවදානමක් මතුවී තිබේ.

මෙම පරාජයත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ එක්දින ශ්‍රේණිගත කිරීමේ තවත් පහලට වැටෙන තත්වයකට පත්ව ඇති ශ්‍රී ලංකාව මේ වන විට ශ්‍රේණිගත කිරීමේ සටහනේ පසු වන්නේ 8 වන ස්ථානයේය. පාකිස්ථානය 6 වන ස්ථානයේත් බංගලාදේශය 7 වන ස්ථානයේත් පසුවේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 10 වන ස්ථානයේ සිටී.

ශ්‍රේණිගත කිරීමේ ස්ථානය

2019 ලෝක කුසලානය සඳහා ඍජුව සුදුසුකම් ලැබීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු 8 කණ්ඩායම් 8 අතර සිටිය යුතු වේ, ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 30 වනදා වන විය එම ස්ථානයේ පසුවන කණ්ඩායම් 8 එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට එක්වනු ඇත.

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලද පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීමේ පහල බැසිමකට බලපාන අතර එළඹෙන ඉදිය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පැවැත්වෙන එක්දින තරගාවලියේ ප්‍රතිපලය ශ්‍රී ලංකා කණ්ඩායමේ 2019 ලෝක කුසලානය සඳහා වන ඍජු ගමන තීරණය වනු ඇත.

ඉකුත් වසරේ සිට ශ්‍රී ලංකාව සහභාගි වූ එක්‌දින තරග 35 කදී ජය ලබා ඇත්තේ තරග 10 ක්‌ පමණක්‌ වීමෙන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනූවටත් වඩා පහත වැටීමේ අවදානමක්‌ මෙම පරාජයෙන් පසුව මතුව තිබේ.

සිම්බාබ්වේ වාර්තා අතරට

ටෙස්‌ට්‌ වරම් හිමි රටකට එරෙහිව සිම්බාබ්වේ පිල එක්‌දින තරගාවලියක්‌ ජයගනු ලැබුවේ සිව් වසරකට පමණ පසුවන අතර ඔවුන් අවසන්වරට එම දක්‍ෂතාව දක්‌වා ඇත්තේ 2013 දී බංග්ලාදේශයට එරෙහිවය. මීට පෙර සිම්බාබ්වේ පිල ටෙස්‌ට්‌ වරම් හිමි රටවල් වන ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය සහ බංග්ලාදේශයට එරෙහිව පමණක්‌ එක්‌දින තරගාවලි ජයගෙන තිබුණි. කෙසේ වෙතත් අවසන් මාස හත තුළදී ශ්‍රී ලංකාව සහභාගි වූ 16 වැනි එක්‌දින තරගයේදී ලද 11 වැනි පරාජය මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *