ඉන්දියාවේ නව ක්‍රිකට් පුහුණුකරු ශාස්ත්‍රි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රවී ශාස්ත්‍රි පත් කර ඇත.

රවී ශාස්ත්‍රි මහතා පත්කොට ඇත්තේ වසර 2019 එංගලන්තයේ පැවැත්වෙන ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමිනි.

පසුගිය වසරේදී රවී ශාස්ත්‍රි මහතාට මේ තනතුර බාර ගන්නා ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටියද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබිණි. රවී ශාස්ත්‍රි මහතා රාජකාරී ආරම්භ කරමින් සහභාගිවන මුල්ම සංචාරය වන්නේ මේ 26වැනිදා ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරගාවලියයි.

55 වියැති රවී ශාස්ත්‍රි ඉන්දියාව වෙනුවෙන් ටේස්ට් තරග 80කට හා එක්දින තරග 150කට සහභාගිවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *