(කොළඹ, ලංකාපුවත්) – එයාර් ඉන්දියා අභ්‍යන්තර ගුවන් ගමන්වලට නිර්මාංශ ආහාරවේලක් ලබා දීමට තීරණය කර ඇත.
ඒ සාමාන්‍ය පන්තියේ ගුවන් මගීන්ට බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.
වියදම් කපාහැරීමේ අරමුණෙන් මෙම තීරණයට එළඹ ඇති බව එයාර් ඉන්දියා ගුවන් සමාගම ප්‍රකාශ කර තිබේ.
එරට හින්දු භක්තිකයන් නිර්මාංශ ආහාරවේල් ඇණවුම් කරන අතර, ඉස්ලාම් භක්තිකයන් නිර්මාංශ නොවන ආහාරවේල් ඇණවුම් කරන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. ඒ අනුව නව තීරණයට පාර්ශ්ව කිහිපයකින් චෝදනා එල්ලවී ඇතැයි ද සදහන් වේ.