මැතිව්ස්ගේ හිස්තැනට එන්නේ කවුද යන්න පිළිබඳ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් සිය නායකත්ව තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ක්‍රීඩකයෙකු තෝරාගැනීම සඳහා ක්‍රිකට් තේරීම් කම්ටුව සාකච්ඡා සිදුකරන බවට තොරතුරු වාර්තා වේ.

ලබන 14 වනදා ආරම්භ වන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරඟයේදී ශ්‍රී වෙනත් ක්‍රීඩකයෙකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති අතර දැනට වාර්තා වන පරිදි එම අවස්තාව රංගන හේරත්ට හිමි වීමේ වැඩි ඉඩක් පවති.

එමෙන්ම උපුල් තරංගගේ, කුසල් ජනිත් පෙරේරාගේ සහ දිනේෂ් චන්දිමාල්ගේ නම් ද ඒ සඳහා යෝජනා වී ඇතැයි ද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *