උපුල් ජයසූරිය ඉල්ලා BOI සභාපතිකමින් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පුද්ගලික හේතුන් මත තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත්, මේවන විට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත බාරදී ඇත.

ජයසූරිය මහතා කියා සිටියේ ඉල්ලා අස්වීමේ ලිපිය සමග නිල රථයද බාරදුන් බවය.

උපුල් ජයසූරිය මහතා 1978 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ඇති අතර එම වසරේදී මහ කොළඹ ආර්ථික කොමිසම (වාර්තමාන ආයෝජන මණ්ඩලය) ආරම්භයේ දී එහි පළමු නීති උපදේශකවරයා වශයෙන් කටයුතු කර තිබුණි.

1982 ශී‍්‍ර ලංකා ට‍්‍රැක්ටර් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. එමෙන්ම ඔහු තවත් සමාගම් ගණනාවක ඉහළ පෙළේ තනතුරු රැසක් හොඹවා ඇත‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *