විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් යාපනය හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – යාපනය පුංගුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක වූ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මුදා හැරියේ යැයි එවකට යාපනය ප්‍රදේශය බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එල්ල වී ඇති චෝදනා වලට කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා ජාතික පොලිස් කොමිසම මඟින් ‍චෝදනා පත්‍රයක් ලලිත් ජයසිංහ මහතා වෙත යවා තිබේ.

මේ වන විට මධ්‍යම පළාත සහ ඌව පළාත බාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා 2015 වසරේ විද්‍යා දැරිය ඝාතනය කළේ යැයි දැනට චෝදනා ලැබ සිටින එම අපරාධයේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශශී කුමාර් නොහොත් ස්විස් කුමාර් නැමැති අයට මේ අපරාධය සිදුකර තිබියදී ඔහුට පළායාමට උදව් ‍කෙළේ යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට වෝදනා එල්ල කරමින් ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත්වි තිබී තිබේ.

ජාතික පොලිස් කොමිසම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවසානයේ එම පරීක්ෂණවලින් තීරණය වූ පරිදි ‍ ජ්‍යෙෂ්ඨ ‍නියෝජ්‍ය පොලිස්පතිවරයාට එල්ල වි අති චෝදනා සම්බන්ධයෙන් කරණු දක්වන ලෙස දන්වමින් චෝදනා පත්‍රයක් මීට දින කිහිපයකට ඉහතදි ඒමහතා වෙත යවා තිබේ.

මේ චෝදනා පත්‍රය ‍චෝදනා පහකික් පමණ සමන්විත වෙයි. ලලිත් ජයසිංහ මහතාට මේ චෝදනාවලට පිළිතුරු ඉදිරිපත්කිරීම සඳහා පොලිස් කොමිසමේ බලතලවලට අනුව මාසයක කාලයක් ලබා දී තිබේ.

එම කාලය තුළ ඔහු විසින් ඊට පිළිතුරු ලබාදිය යුතුවෙයි ඊට අදාළ කරුණු ජාතික පොලිස් කොමිසම විසින් යවන ලද චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඔහුට එල්ල වි ඇති එම චෝදනාවලට ඉදිරිපත් කරන කරුණු ජාතික පොලිස් කොමිසම විසින් පත්කරන ලද විධිමත් ස්වාධීන ජ්‍යේෂඨ නිලධාරියකු විසින් විසින් විනිශ්චය කර ඔහු විසින් විනිශ්චය වාර්තාවක් සකස් කරනු ලැබේ.

එම විනිශ්චයේදී ජාතික පොලිස් කොමිසම විසින් පවත්වනු ලැබූ පරීක්ෂණ වාර්තාවේ කරුණුද නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එම චෝදනාවලට ඉදිරිපත් කර ඇති කරුණුද විනිශ්චය කර අවසානයේ එම චෝදනාවලින් ඔහු වැරදිකරුවන්නේ සියලුම චෝදනාවලටද නැතහොත් කිහිපයකටද යන්න තීරණය කර ඒසම්බන්ධව ආයතන සංග්‍රහය යටතේ රජයේ නිලධාරියකු සේම නීතිය ආරක්ෂා කළ යුතු පොලිස් නිලධාරියකු විසින් යම් වරදක් සිදු තර තිබේ නම් ඔහුට එරෙහිව පොලිස් කොමිසමට පැවරී ඇති බලතල මත ඳඩුවම් නියම කෙරේ.

පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉන් ඉහල තනතුරු දක්වා පොලිස් නිළධාරීන් විසින් සිදුකරන ලද වැදදි සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීමේ බලය ජාතික පොලිස් කොමිසමට පැවරී ඇති බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.

2015 වසරේ මැයි මාසයේදී ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඉතාමත් ඛෙදනීය ඉරණමකට ගොදුරු විය.අය එදින පාසල් ගොස් ආපසු යමින් සිටියදී අපරාධකරුවන් පිරිසක් ඇය පැහැරගෙන ගොස් ඇය දූෂණය කර එම අපරාධය හා සම්බන්ධ සිද්ධිය වීඩියෝගත කර මි ඇයව අමානුෂික ලෙස ඝාතනය කර තිබුණි.

මේ අපරාධය සම්බන්ධයෙන් චෝදනා එල්ල වි ඇත්තේ මහාලිංගම් ශිවකුමාර් නොහොත් ස්විස් කුමාර් නැමැති පුද්ගලයා වෙතය. මේ අපරාධයට සම්බන්ධ සෙසු සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබුවත් ප්‍රධාන සැකකරුට පළා යාමට ඉඩ දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *