ඉන්දියාවෙන් නීති විරෝධීව ගෙන ආ ග්ලිෆොසෙට් තොගයක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී අන්දමින් ග්ලයිෆොසෙට් වල් නාශක තොගයක් ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට රැගෙන ආ සැකකරුවන් තිදෙනෙකු කල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ෙකල්පිටිය පනියඩිය තොටුපල අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ග‍්‍රෑම් 100, 500 සහ කිලෝග‍්‍රෑම් 01 ප‍්‍රමාණයේ ග්ලයිෆොසෙට් වල් නාශක ඇසුරුම් 4550ක් අඩංගු විශාල ප්‍රමාණයේ පාර්සල 23ක් එහිදී සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසීය.

එම වල්නාශක තොගය රැගෙන ආ බෝට්ටු දෙකක් ද පොලිස් භාරයය ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇති අතර ඔවුන් වයස අවුරුදු 21, 26 සහ 30 වයස්වල පසුවන්නන් වේ. ඔවුන් අද (14)පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ග්ලයිෆොසෙට් වල් නාශකය උතුරුමැද පළාතේ පැතිර යන වකුගඩු රෝගයට හේතු කාරක වන කෘෂි රසායනිකයක් ලෙස හඳුනාගෙන තිබේ. එබැවින් රජය මගින් 2015 වසරේ සිට එම වල් නාශකය ශ්‍රී ලංකාවබ තුළ තහනම් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *