උඩරට මාර්ගයේ දුම්රිය පීලිගත කිරීම් තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –උඩරට මාර්ගයේ පීලි පැනීමට ලක්වූ දුම්රිය මැදිරි පීලිගත කිරීම තවදුරටත් සිදු වෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ හේතුවෙන් දුම්රිය ගමන් යථා තත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවන බව දුම්රිය ඉංජිනේරුවන් පැවසීය. මැදිරි පීලිගත කිරීම ඊයේ(13) පස්වරුවේ ආරම්භ විය. එය සිදු කෙරෙන්නේ දොඹකරයක ආධාරයෙනි.

නාවලපිටිය සහ බදුල්ල දුම්රිය ස්ථානවල නඩත්තු නිලධාරීන් මීට එක්ව සිටියි.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ තැපැල් දුම්රියේ මැදිරි තුනක් ඊයේ අලුයම පීලි පැනීමට ලක් වූයේ හැටන් සහ කොටගල අතර හැටේ පාලම අසළදී ය. අනතුරින් දුම්රිය මාර්ගයට සහ පාලමට ද දැඩි හානි සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *