දිනේෂ් චන්දිමාල් වාර්තා පොතට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකත්වයට පත් සිව්වන ළාබාලතම ක‍්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට දිනේෂ් චන්දිමාල් අද(14) සමත් විය.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද ආරම්භ වූ ටෙස්ට් තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙමිනි.

එමෙන්ම ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක‍්‍රිකට් නායකත්වයට පත් 15 වන ක‍්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා අතරට එක්වේ.

ශ‍්‍රී ලංකාව ටෙස්ට් නායකත්වය හිමිකර ගත් ළාබාලතම ක‍්‍රීඩකයින් අතර අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් පෙරමුණේ පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *