(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති WIIFF ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නිහඬ ලියුම චිත්‍රපටය හොදම කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. එය ප්‍රවීන රංගධර කමල්අද්දරආරච්චි මහතාගේ අධ්‍යක්ෂණයකි.
කමල් අද්දරආරච්චි මහතා අධ්‍යක්ෂණය කළ කුළුදුල් නිර්මාණයක් වන මෙහි තිර රචනය කර ඇත්තේ තිවංක පෙරේරා මහතාය.
දරිද්‍රතාවයෙන් හා සමාජ පීඩනයෙන් පෙලෙන දරුවෙකු ගමින් පැන යාමට ගන්නා උත්සාහය චිත්‍රපටියේ කතා තේමාව වී ඇත.
රටවල් 34ක චිත්‍රපට 400ක් මෙම සම්මාන උළෙලට ඉදිරිපත් කර තිබුණි.
සයිලන්ට් ලෙටර් හෙවත් නිහඬ ලියුම චිත්‍රපටයට හිමි වූ මෙම සම්මානය කමල් අද්දරආරච්චි මහතා වෙත පිළිගැන්වූයේ ඉන්දියානු රංගන ශිල්පී අනුරාග් අරෝරා මහතාය.