කැමරන් වෙරළේදී 30අතුරුදන් කරමින් බෝට්ටුවක් අනතුරට

(කොළඹ, ලංකාපුවත්) – කැමරන් රාජ්‍යයට අයත් වෙරළ තීරයේ දී එරට හමුදාවට අයත් බෝට්ටුවක් අනතුරට පත්වී තිබේ.විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනුයේ 30කට අධික පිරිසක් අතුරුදන්වී ඇති බවය. අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුව තුළ 37 දෙනෙකු සිටි බව වාර්තා වේ. අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

සිද්ධිය සැලවූ වහාම සහන මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. නමුත් අයහපත් කාලගුණයෙන් සහන මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *