ණය බරින් මිදීමට තරගකාරී වෙළෙඳ ආර්ථිකයක අවශ්‍යතාව අගමැති පෙන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – රට මුහුණ දී ඇති ණය බරින් මිදිමට තරගකාරී වෙළෙද ආර්ථිකයක් රටට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මධ්‍ය ආදායම් හිමි වෘත්තිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් මෙම කටයුතු සිදු කෙරේ.

පන්නිපිටිය වීර මාවත නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරෙනු ඇත.

රුපියල් මිලියන හයදහසක වියදමින් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක පන්සියයකින් යුක්ත වේ.

‘වියත්පුර’ ලෙස මෙය නම් කර තිබේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *