ජාතික බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය අගෝස්තු 31වනදා

(කොළඹ, ලංකාපුවත්) – ජාතික බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය අගෝස්තු මස 31 වනදා පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම නිලවරණය ක්‍රීඩා අමාත්‍යවරයා අවලංගු කරනු ලැබුවේ පසුගිය වසර අටේ අයවැය වාර්තා විගණනය කර නොතිබීම හේතුවෙනි.

ජාතික බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය විශේෂ ගැසට් පත්‍රයකින් අවලංගු කිරීමෙන් පසු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, සංගමයේ පරිපාලන කටයුතු වෙනුවෙන් නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව පත් කරන ලදි.

මේ අනුව ඔහු ඉදිරි නිලවරණය සදහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. ඒ නිලවරණ කමිටුවක් ලෙසය.

ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමය ද විටින් විට ශ්‍රී ලංකාවට දැනුම් දුන්නේ නිලවරණය හැකි ඉක්මණින් පවත්වන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *