(කොළඹ, ලංකාපුවත්) – වෙනිසියුලාවේ විපක්ෂය පැය 24ක වැඩවර්ජනයක් සිදුකිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ජනාධිපති නිකලස් මදුරෝගේ නව ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමේ යෝජනාවක් පිහිටුවීමේ යෝජනාවට එරෙහිව මෙය සංවිධාන කර තිබේ.
ජනාධිපතිවරයාගේ යෝජනාවට එරෙහිව පසුගියදා එරට නිල නොලත් ජනමත විමසුමක් ද පැවැත්වුණි.
ඒ සඳහා ලක්ෂ 76ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කළ බව එරට වාර්තා සඳහන් කර ඇත.
වර්තමාන ව්‍යවස්ථාදායක සභාවේ බලය විපක්ෂය සතුව පවතින අතර ජනාධිපතිවරයාගේ නව ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම මඟින් එය අහෝසි කිරීමේ හැකියාව ලැබේ. එබැවින් 2019 වසරේ දී ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට පෙර නව මැතිවරණයක් පවත්වන ලෙස විපක්ෂ ක්‍රියාකාරීන් ඉල්ලා සිටි.
ලබන බ්‍රහස්පතින්දා මෙම වැඩවර්ජනය පැවැත්වීමට නියමිතය. ඒ සමඟ වෙනිසියුලාවේ පවතින අර්බුදකාරී වාතාවරණය උග්‍ර විය හැකි බව පැවසේ.