සිම්බාබ්වේ සමඟ පැවති ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරඟය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව අද (18) සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමු ඉනිම ක්‍රීඩාකළ සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියළු ක්‍රීඩකයන් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 356කි. එහිදී සිම්බාබ්වේ පිල වෙනුවෙන් Craig Ervine ලකුණු 160ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් සිම්බාබ්වේ පිලේ කඩුලු 5ක් බිද හෙලීමට සමත් වූ අතර ළහිරු කුමාර සහ අසේල ගුණරත්න කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් විය.

පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 346කි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ උපුල් තරංග ය.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 10ක වාසියක් සමගින් සිය දෙවන ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායම තම දෙවන ඉනිම සදහා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 377 කි.

සිම්බාබ්වේ කණ්ඩායමේ දෙවන ඉනිම ශක්තිමත් කළ මැද පෙළ පිතිකරු Sikandar Raza ලකුණු 127ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 1ක් සමගිනි.

සිම්බාබ්වේ දෙවන ඉනිමේ ලකුණු ලබා ගැනීමට තර්ජනයක් වෙමින් සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කඩුලු 6ක් බිද හෙළීය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලද ඉලක්කය ලකුණු 388කි.

එම ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසුකර යන ලදි.

ශ්‍රී ලංකා දෙවන ඉනිමට අඩිතාලම වෙමින් කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල පිළිවෙලින් ලකුණු 66 ක් සහ 81ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 80කි.

ඒ අනුව සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගයේ ශුරතාවය ශ්‍රීලංකාව හිමිකරගනු ලැබීය.

දෙරට අතර පැවැති ටෙස්ට් තරඟ 15 න් 10 ක් ශ්‍රී ලංකා පිල ජයගෙන ඇති අතර තරඟ 5ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

දෙරට අතර සිම්බාබ්වේ දේශය තුල පැවති ටෙස්ට් තරඟාවලි 8 න් 3ක ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබීම විශේෂත්වයකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *