චීනයේ අධික උණුසුම හේතුවෙන් සතුන්ට අධි ශීත කළ ආහාර ලබාදීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – චීනයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් සතුන්ට අධි ශීත කළ ආහාර ලබාදීමට ෂැංහයි සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කරන බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අධි ශීත කළ එළවළු හා පලතුරු ලබාදීම මඟින් සතුන්ගේ තාපයට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ යන බව සදහන් වේ.

උණුසුම අවම කිරීමේ පියවරක් ලෙස සත්වෝද්‍යානයේ විදුලි පංකා සහ ජල ඉසීමේ උපකරණ ද සවිකර තිබේ. එමෙන්ම සත්ත්වයින් රැඳී සිටින කුටිවල විශාල අයිස් කුට්ටි තැබීම ද සිදුකෙරෙන බව වාර්තා වේ.

ඊයේ දිනයේ ෂැංහයි නගරයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ එරට කාලගුණ බලධාරීන් ඉහළම උෂ්ණත්වය සඳහා වන තැඹිලි වර්ණ සංඥාව නිකුත් කර තිබුණි.

සති අන්තය වන විට එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිහ දක්වා ඉහළ යා හැකි බවයි පැවසෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *