(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු හේතුවෙන් රෝහල්ගතවන රෝගීන්ට ප්‍රතිකාර කටයුතු සිදු කිරීම ඇතුළු විවිධ කාර්යයන් සදහා 266ක ත්‍රිවිධ හමුදා භට පිරිසක් මීගමුව මූලික රෝහල වෙත හා අංගොඩ (අයිඩීඑච්) රෝහල වෙත අනුයුක්ත කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය පවසයි.
දිවයින පුරා ව්‍යප්තව ඇති ඩෙංගු උවදුර මර්ධනයට ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉකුත් 01වනදා සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ.
ඒ අනුව මෙම වංසගත තත්ත්වය මර්ධනය කිරීම සදහා යුද්ධ හමුදාව වෙතින් භට පිරිස් 4,893ක් ද, නාවික හමුදාව වෙතින් භට පිරිස් 2,429ක් ද, ගුවන් හමුදාව වෙතින් භට පිරිස් 2,631ක් ද යොමු කර ඇත. මීට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් 2,204ක් මේ සදහා දායකත්වය ලබා දේ.
එසේම මෙම වැඩසටහන ඉදිරියට ද ක්‍රියාත්මක කරගෙන යාමට ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.