මිනිස් ඡාවාරමට ලක්වූ නිරීක්‍ෂණ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාවට ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – මිනිස් ඡාවාරමට ලක් වූ රටක් ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබූ නිරීක්‍ෂණ ලැයිස්තුවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවට මේවන විට හැකියාව ලැබී ඇතැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පුකාශ කළාය.

රජය පසුගිය කාලය තුළ නීතිරීති දැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ නිරීක්‍ෂණ ලැයිස්තුවෙන් පිටතට පැමිණ එක් අදියරකින් ඉහළට ගිය බව ඇය පැවසුවාය.‍

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කුසලතා අධිකාරිය මගින් පිරිනමනු ලබන පුහුණු මධ්‍යස්ථාන ප්‍රතීතන සහතිනන පත්‍ර බදුල්ල, මහනුවර හා හෝමාගම යන ප්‍රදේශයන් හි පිහිටා ඇති කාර්මික තාක්‍ෂණ ආයතන වෙත පිරිනැමීමේ උත්සවයට ඊයේ(18) එක් වෙමිනි. එය විදේශ රැකියා අමාත්‍යංශයේ පැවැත්විනි.

ශ්‍රී ලංකාව පසුගිය වසර 05ක පමණ කාලය පුරා මිනිස් ඡාවාරමට ලක්වූ රටක් ලෙසින් නම් කර තිබුණි.

නමුත් වත්මන් රජය දැඩි නීති පනවමින් මාර්තු මාසයේ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවට අනුව ජුනි මාසය වන විට මෙම තත්ත්වයෙන් ඉවත් වීමට හැකිවූ බව අමාත්‍යවරිය පැවසුවාය. මිනිස් ඡාවාරමට ලක්වන රටක් වූ විට එම රටට අහිමිවන දේමල් ඉහළ බව ඇය කියා සිටියාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබා දෙන ණය ප්‍රමාණයන්, ණය එකඟතාවයන් මෙවැනි දෑ බරපතල තතත්වයන් වන බව ඇය පෙන්වා දුන්නාය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *