ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික මහනුවර අවසන් රන් දෝළි ඇසළ පෙරහැර අගෝස්තු මස 07 දින විඳි සංචාරය කිරීමට නියමිතය. ඇසළ පෙරහැර මංගල්‍ය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද (20) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී,මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදී අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ,ලෝකයේ කිසිදු රටක නොමැති සංස්කෘතික මංගල්‍යයක් බවත්, රටක් ලෙස සියලු දෙනා මෙම අවස්ථාව පිළිබඳව සතුටු විය යුතු බවත් ය.

පෙර හැර සඳහා කලාකරුවන් 3000ක් සහභාගී වීමට නියමිත අතර අලි ඇතුන් 75ක් පමණ සහභාගීවීමට නියමිතය. පෙරහැර පිළිබඳව සජීවී විකාශන කටයුතු සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි. පෙරහැර සාර්ථ්ක කරගැනීමට සියලු පුරවැසියන්ගේ දායකත්වය ඉතාමත් වැදගත් බව පෙන්ව දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, රජයක් ලෙස හා මුදල් හා ජනමාධ්‍ය අමත්‍යාංශය ලෙස සියලු සහයෝගය උපරිමයෙන් ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා අතිගරු ජනධිපතිතුමාගේ මඟපෙන්වීම ලබී තිබෙන බවද සඳහන් කළේ ය.

මෙහිදී අඳහස් දක්වූ දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර මහතා;
දළඳා පෙරහැර පවත්වාගැනීමට සියලු කටයුතු කළමනාකරණය කරගැනීමට හැකි වී තිබෙනවා.පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු ,ආරක්ෂව සම්බන්ධයෙන් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඇසළ පෙරහැරේ සිව්මහා දේවාල කප්සිටුවීම ජූලි 24 දින උදැසන 6.58ට සුබ මොහොතින් සිදු කිරීමට නියමිතය.
පුරා දින පහක් අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙයි. පළමු පෙරහැර- කුඹල් පෙරහැර ජූලි 29 දින පැවැත්වෙන අතර දින පහක් පෙරහැර පැවැත්වෙයි. පළමු රන්දෝලී පෙරහැර අගෝස්තු 03 දින ආරම්භ වීමට නියමිතය.අවසන් රන්දෝලී පේරහැර
අගෝස්තු 07 දින පැවැත්වෙයි.දිය කැපීමේ මංගල්‍ය ඉන් අනතුරුව පැවැත්වෙන අතර අතිගරු ජනාධිපතිතුමා වෙත පෙරහැර සංදේශය භාර දීම අගෝස්තු 08 දින පැවැත්වෙන බව නිලංග දෑලබණ්ඩාර මහතා පැවසීය.
මෙවර දළඳා මාළිගාවේ පෙරහැර සඳහා කලාකරුවන් 3000ක් පමණ සහභාගී වෙයි.පසුගිය වරටත් වඩා පෙරහැරේ ගුණාත්මකභාවය මෙවර ඉහළ නංවා ඇති බවද කලාකරුවන් දිරිමත් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර මහතා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *