කුවෙට් එමීර් පාලක පවුලේ සමාජිකයෙකුට සිර දඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) – ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය භාවිතා කරමින් කුවේට් එමීර්වරයාට අපහාස කිරීම හේතුවෙන් පාලක පවුලේ සාමාජිකයෙකු වන ෂේක් අබ්දුල්ලා අල්-සෙල්ම් අල්-සබාට පිරිනමා තිබු වසර 3ක සිර දඩුවම කුවේට් අභියාචනාධිකරණය තහවුරු කර තිබේ.

කුවේට් අපරාධ අධිකරණය මඟින් පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම දඬුවම නියම කර ඇත.

එම දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් ෂේක් අබ්දුල්ලා අල්-සෙල්ම් අල්-සබා විසින් ගොනුකරනු ලැබීය.

කුවේට් එමීර්වරයාට අපහාස කිරීමේ නඩුව ගොනු කරනු ලැබුවේ හිටපු අගමැතිවරයෙකු වන නසීර් අල්- මෙහොමඩ් සහ කැබිනට් කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති, ෂයික් මොහොමඩ් අල්-අබ්දුල්ලා විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *