ඩෙංගු හේතුවෙන් සංචාරක තහනම් අවශ්‍ය නැහැ – ලෝක සෞඛ්‍ය සංවිංධානය

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට වෙළෙද හෝ සංචාරක තහනමක් පැනවීමේ අවශ්‍යතාවක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිංධානය සදහන් කරයි.

ඔවුන් කියා සිටින්නේ පවතින තත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට උපකාර කරන බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයට අනූව, වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 80,000කට අධික පිරිසක් වාර්තා වී ඇත. ඉන් 200කට අධික පිරිසක් මිය ගොස් තිබේ.‍‍‍‍

ඩෙංගු රෝගීන් 43%ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. ඉන් වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 18,000කට අධිකය.

ගම්පහ, කුරුණෑගල, කළුතර, ත්‍රිකුණාමලය, රත්නපුර හා මහනුවර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් විශාල පිරිසක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *