බ්‍රසීලයේ හිටපු ජනාධිපතිගේ වත්කම් තහනම් කිරීමට එරට අධිකරණයක් තීන්දුවක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වාගේ වත්කම් තහනම් කිරීමට එරට අධිකරණයක් තීන්දුවක් ලබා දී ඇත.

මේ සමග ඔහුගේ බැංකු ගිණුම්වල ඇති ඩොලර් දෙලක්ෂයකට ආසන්න මුදලක් තහනම් කරන බව විනිසුරු සර්ජියෝ මොරෝ ප්‍රකාශ කළේය. ‍එම තහනමට ඔහු සතුව ඇති මහල් නිවාස ඉඩම් සහ රථවාහන ද ඇතුළත් වේ.

එහෙත් අල්ලස් ලබා ගන්නා බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන ජනාධිපතිවරයා කියා සිටින්නේ මෙය දේශපාලන පළිගැනීමක් බවය.

ඔහු ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයට තරග කිරීමට අපේක්ෂාවෙන් සිටී.

යම් හෙයකින් ඔහු ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප වුවහොත් ඔහුගේ වත්කම් විකුණා ලැබෙන අදායම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වන පෙට්‍රෝබාස් සමාගමට ලබා දීමට නියමිත බව පැවසේ.

ඔහුගේ වත්කම්වල මුළු වටිනාකම ඩොලර් මිලියන හතරයි දශම තුනක් බව සදහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *