අතුරුදන්වූවන් සොයා බැලීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) – 2016 අංක 16 දරණ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටුවිම හා පරිපාලන කර්තව්‍ය ඉටු කිරිම පිළිබඳ පනතට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අත්සන් තබා තිබේ.

ඊට අදාළ කටයුතු ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යටතට පැවරිම අදාළ ගැසට් නිවේදනය මඟින් සිදු කෙරෙනු ඇත.

සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යය මණ්ඩලය ව්‍යවස්ථාදායක සභාව විසින් තීරණය කිරිමට නියමිතය.

පසුගිය වසරේ අගෝස්තු මස 11වනදා අදාළ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි. ඒ අනුව බලහත්කාරි හා ස්වේච්ඡාමය නොවන අතුරුදන්වීම් හා ආගියඅතක් නොමැති පුද්ගලයින් පිළිබඳ පරික්ෂා කිරිම සහ විමර්ශනය කිරිම අදාළ ආයතනය යටතේ ඉටු කිරිමට නියමිතය.

අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයට අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙන් හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් පැමිණිලි ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *