ආම්ස්ට්‍රෝං සදෙන් ධූලි එක්රැස් කළ බෑගයට ඩොලර් මිලියන 1.8 ක්

(කොළඹ, ලංකාපුවත්) – සදමත ප්‍රථමයෙන් පා තැබූ අමෙරිකානු ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝන් සද මතුපිටින් පස් සහ ධූලි එක්රැස් කිරීමට භාවිත කළ බෑගය නිව්යෝක් නුවර ඊයේ පැවති වෙන්දේසියකදී ඩොලර් මිලියන 1. 8 කට අලෙවි වී තිබේ.

ඇපලෝ 11 යානයෙන් සද වෙත රැගෙන ගිය එම බෑගයේ සද ධූලි තවමත් පවතින අතර එය වෙන්දේසි කර ඇත්තේ 1969 සිදුවූ ප්‍රථම සද ගමනේ අදට(21) යෙදී ඇති 48 වැනි සැමරුම නිමිත්තෙනි.

මීට පෙර එම බෑගය 2015 වසරේදී නීතිඥයෙකු විසින් මිලදී ගෙන තිබුණේඅමෙරිකානු ඩොලර් 995 ක මුදලකටය.

ඇපලෝ 11 සද ගමනට අයත් සියළු දෑ ලොව විශාලතම කෞතුකාගාරය වන අමෙරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර වෙන්දේසි කළ බෑගය පෞද්ගලික හිමිකරුවෙකු අතට පත්වී ඇත්තේ ලේඛන ගත කිරීමේ අත්වැරැද්දකිනි.

පසුව එය අත්පත් කර ගැනීම සදහා නාසා ආයතනය දැරූ නීතිමය උත්සාහය ද සාර්ථක වූයේ නැත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *